ඊයේ දිනයේත් වැඩ්ම කොවිඩ් රෝගීන් කොළඹින්

Share

ඊයේ(27) දිනයේ මෙරට කොරෝනා වෛරස ආසාදිතයින් 674ක් හඳුනා ගෙන තිබේ.

 

ඉන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතයන් 614ක් ද, බන්ධනාගාර ආශ්‍රිතව රෝගීන් 54ක් වෙයි.

ඉන් 6ක් විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම ගණන 174කි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 153ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 110ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 41,054ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 32,701ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

කොවිඩ් – 19 ආසාදිතයින් 8,162 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ දින නව ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්

කොළඹ දිස්ත්‍රික්කය – 174 /ගම්පහ දිස්ත්‍රික්කය – 153 /කළුතර දිස්ත්‍රික්කය – 110 /මහනුවර දිස්ත්‍රික්කය – 52
රත්නපුර දිස්ත්‍රික්කය – 50 / නුවරඑළිය දිස්ත්‍රික්කය – 26 / කෑගල්ල දිස්ත්‍රික්කය – 21 ගාල්ල දිස්ත්‍රික්කය – 20
මාතර දිස්ත්‍රික්කය – 19 / කුරුණෑගල දිස්ත්‍රික්කය – 15 / පුත්තලම දිස්ත්‍රික්කය – 08 /අනුරාධපුර දිස්ත්‍රික්කය – 05
අම්පාර දිස්ත්‍රික්කය – 05 / හම්බන්තොට දිස්ත්‍රික්කය – 03 / මඩකලපුව දිස්ත්‍රික්කය – 02                       
මොනරාගල දිස්ත්‍රික්කය – 02 / මාතලේ දිස්ත්‍රික්කය – 02 /පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01

මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 191ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.

Read more

Local News