ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන අතර උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.
ඒ අනුව,
සියඹලාපේවත්ත, බියගම, දෙල්ගොඩ, උඩුපිල – අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කඳුබොඩ, දෙකටන, පැලහැල, ඉන්දොමුල්ල, දොම්පෙ, නාරංවල, වැලිවේරිය සහ රතුපස්වල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.



