තීරු බදු නොගෙවූ දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.02 වන දින පැය 0940 ට සපුගස්කන්ද පොලිස් වසමේ අංක 134/D,4 වන පටුමග, මාකොල උතුර, ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත.

එහි දී රජයේ රූපමය අවවාද නොමැති තීරු බදු මුදල් නොගෙවා මෙරටට නීති විරෝධීව ආනයනය කරන ලද රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි ගෝනවල, කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News