තීරු බදු නොගෙවූ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක ඒස් කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.02 වන දින පැය 16.00 ට වෙරළබඩ පොලිස් වසමේ මුතුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී වැටලීමක් සිදු කර ඇත.

එහි දී රජයේ රූපමය අවවාද නොමැති තීරු බදු මුදල් නොගෙවා මෙරටට නීති විරෝධීව ආනයනය කරන ලද රුපියල් ලක්ෂ හතකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි ප්‍රනාන්දු මාවත කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News