කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙල ඉතාම සාර්ථක බවත් සංවිධානාත්මක එන්නත්කරනය මුළු ලොවටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් පැවසීය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේදී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සමග පැවති සාකච්ජාවේ දී හෙතෙම මෙම අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා එන්නත්කරණ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට පෞද්ගලිකවම මැදිහත්වී දැක්වූ දායකත්වයත්, සෞඛ්‍ය-ආරක්ෂක අංශ සහයෝගයෙන් අභියෝගයට මුහුණ දීමත් ශ්‍රී ලංකාවේ එන්නත්කරන වැඩසටහන සාර්ථක වීමට හේතු වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසීය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රවල දියුණුවට අදාල කරුණු කිහිපයක්ද සාකච්ජාවට බදුන්වූ අතර අනෙක් රටවල එන්නත්කරනය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකානු අත්දැකීම් බෙදා ගන්නා ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයා ආරාධනය කළේය.
ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතාද මෙම අවස්ථාවට එක විය.



