විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර බාරව කටයුතු කරන ජේෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.03 වන දින පැය 1600 ට රාගම පොලිස් වසමේ අංක 36, සමඟි මාවත රාගම ලිපිනයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී හෙරොයින් ග්රෑම් 06, මිලි ග්රෑම් 60 ක් හා හෙරොයින් අලවිකර උපයන ලද රුපියල් හතලිස් දහසක මුදලක් හා ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටි සමඟි මාවත, රාගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 57 වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



