විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරික්ක එෆ්.එම්. මධුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.04 වන දින පැය 1230 ට මුල්ලේරියාව පොලිස් වසමේ අංක 435/14 සී, හිබුටාන පටුමග, මුල්ලේරියාව ලිපිනයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථනයක් සමග අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේන් උපයාගත් රුපියල් 102,500 සහ විදෙස් රටවල භාවිතා කරණු ලබන මුදල් නෝට්ටු 104ක් හා යතුරුපැදියක් සමග මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙ භාර දී ඇත.
Share
Read more



