මිලකළ නොහැකි ගජමුතු සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එච්.ජී. පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.10 වන දින පැය 1720 ට කතරගම පොලිස් වසමේ කතරගම පොලිස් ස්ථානය පිටුපස දී ග්‍රෑම් 27, මිලි ග්‍රෑම් 160 ක් බර හා ග්‍රෑම් 27, මිලි ග්‍රෑම් 890 ක් බරැති මිල කල නොහැකි ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන අලෙවිය සඳහා යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි වලස්මුල්ල හා කතරගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38, 42 පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වනසත්ව ආරක්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී මෙම ගජමුතු යාල කුමන රක්ෂිතවලට ඇතුල්වී වන අලින් ඝාතනය කර ලබා⁣ගෙන ඇතිබවට කරුණු අනාවරණය කර ගන්නා ලදී .

Read more

Local News