කසල තේ තොගයක් ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

අපනයනය කිරිමට රැගෙනමින් සිටි කසල තේ තොගයක් ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී ඒ.ඩී.ඩබ්.ඩබ්.බී.එල්.ආර්. වීදයබණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.12 වන දින වෙලම්බොඩ පොලිස් වසමේ කඩුගන්නාව පාරේ රැකවල් පොල හංදියේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.


එහි දී බලපත්‍ර නොමැතිව කසල තේ කිලෝ ග්‍රෑම් 3,346 ක් ලොරි රථයක් මගින් ප්‍ර‍වාහනය කරමින් සිටි ලීමගහකොටුව හා වෙලම්බඩ ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 47 හා 53 වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙලම්බොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

Read more

Local News