ඊයේ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 345 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා.
ඒ සමඟම මෙරට නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 656,386ක් දක්වා ඉහළ ගියා.
ඉන් පුද්ගලයින් 618,961 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර වෛරසය අසාදනය වීම හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 21,018 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
ඊයේ මෙරටින් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,407ක් දක්වා ඉහළ ගියා.
දෛනික ආසාදිතයින් අවම මට්ටමක වාර්තා වුවත් තවමත් රට තුළ කොවිඩ් අවධානම් තත්ත්වය ඇති බව අප තරයේ සිහි තබා ගත යුතුයි.
කොවිඩ් වෛරස ව්‍යාප්තියෙන් ආරක්ෂා වීමට කොවිඩ් එන්නත්කරණය සඳහා යොමු වීම ඉතාමත් වදගත් වනවා.
හැකි සෑම විටම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට වගබලා ගත යුතුයි.
වගකිවයුතු ජනතාවක් ලෙස එළඹෙන උත්සව සමයේ වගකීමෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.



