අද (17) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා සවස 03.00 සිට රාත්රී 11.00 දක්වා වේලාව තුළ පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 5.00 සිට රාත්රී 10.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.




