සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
අද පෙරවරුවේ කොළඹ ටෙක්නිකල් මංසන්දියෙන් ආරම්භ කළ විරෝධතාව කොළඹ කොටුව දක්වා ගමන් කර එතැන් සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා.
සමාජවාදී තරුණ සංගමය සඳහන් කළේ, පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා සියලුම තරුණ තරුණියන් එක් විය යුතු බවයි.



