2022 මාර්තු 15 වන දින පැවැත්වෙන තුන්වන Global SWAT Challange තරඟය නැරඹීමට ශ්‍රී ලංකා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාට ඩුබායි පොලිසියේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා අල් මාරි විසින් ආරාධනා කරන ලදී.
ලෝක පොලිස් සමුලුවට එක් වීමෙන්,අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍යතුමා මෙ තරගාවලිය සදහා සහභාගි විය. මෙම තරගාවලිය සදහා සහභාගී වූ රටවල් අතර ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායෙ සහකාර පොලිස් අධිකාරී කේෂර රත්නවීරගේ නායකත්වයෙන් යුත් විශේෂ අවි සහ උපක්‍රම (SWAT) කණ්ඩායමද විය.
විශේෂ කාර්ය බළකායේ අවි හා උපකුම ( SWAT) කණ්ඩායම අමතමින් අමාත්‍ය වීරසේකර මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදයට සහ අපරාධවලට එරෙහිව සටන් කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ලංකාව තුළ අද්විතීය කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.
තුන්වන වරට පවත්වන ජාත්‍යන්තර විශේෂ අවි හා උපකුම කංඩායමි අතර තරගාවලිය ( Global SWAT Challange ) සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායෙ සහභාගීත්වය ඔවුන්ගේ නායකත්වය සහ විශිෂ්ඨ පුහුණුව ජාත්‍යන්තර පිළිගැනීමක් ලද බව අමාත්‍ය අාචාර්ය සරත් වීරසේකර මහතා පවසන ලදි.
ලොව ප්‍රබල සටන්කාමී පොලිස් ඒකක සමඟ එක්ව ශ්‍රී ලංකාව නියෝජනය කල පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපකුම කංඩායම දක්වන ලද සුවිශේසී දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකට අමාත්‍ය අාචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රශංසා කළේය.
ජාත්‍යන්තර විශේංෂ අවි හා උපකුම කංඩායමි අතර අභියෝගතා තරගාවලියේදී (Global SWAT Challange ) බටහිර රටවල් නියෝජනය කල පොලිස් SWAT ඒකක ද අභිබවා අබුඩාබි පොලිසිය පළමු ස්ථානයට පත් විය.
ඩුබායි පොලිසියේ SWAT ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා අලි අබ්දුල්ලා අල් ගිති ශ්‍රී ලංකා STF SWAT කණ්ඩායම විශේෂ ඇගයීමට ලක් කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ SWAT Challange තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත් වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට අමාත්‍ය අාචාර්ය සරත් වීරසේකර මහතා විසින් ඇගයිමට ලක්කරන ලදි.






