නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවරිදි කොළඹ 14 ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් ඇතිවී ඇති අතර පසුව ත්රිරෝද රථ රියදුරු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් සිට ඇත. ආරවුල ඇතිකරගත් යතුරුපැදිකරු ඉන්ධන ලබාගෙන යනවිට ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ත්රිරෝද රථ රියදුරු පළගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරයි.



