ඉන්දියානු රාජ්‍ය අනුග්‍රහකත්වය යටතේ කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනය මගින් හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකීය සිසු සිසුවියන් 10 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය අනුග්‍රහකත්වය යටතේ නොමිලේ ගුවන් ගමන් ටිකට්පත් ප්රදානය කිරීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන පිහිටි එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රසිද්ධ දැන්වීම් මගින් අ.පො.ස. උසස් පෙල විද්‍යා විෂය ධාරාවෙන් හදාරා සමත් සුදුසුකම් ලත් සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැදවීම් මගින් සම්මුඛපරීක්ෂනයකින් අනතුරුව තෝරාගත් සිසු සිසුවියන් 10 දෙනෙකු සඳහා මෙලෙස නොමිලේ ගුවන් ගමන් ටිකට්පත් ප්‍රධානය කල අතර එම සිසු සිසුවියන් සීමා වාසික පුහුනුවද ඇතුළුව වසර 5 ½ ක හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හෝමියෝපති වෛද්‍ය උපාධිය ලැබ ශ්‍රී ලංකාවේ හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීමෙන් අනතුරුව පිළිගත් හෝමියෝපති වෛද්යවරයෙතු ලෙස සේවය කිරීමේ අවස්ථාව උදාවනු ලබයි.
අතුරු ආබාධ වලින් තොර වෛද්‍ය ක්‍රමයක් ලෙස ලොව ඉහල පිලි ගැනීමක් සහිත හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මෙරට තුල ප්‍රචලිත කිරීම තුලින් නීරෝගි සම්පන්න ජනතාවගෙන් සපිරි දේශයක් ගොඩ නැගීම උදෙසා මේ වන විට දීප ව්‍යාප්ත මට්ටමින් හෝමියෝපති වෛද්‍ය සායන මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර වැලිසර හෝමියෝපති රෝහල මගින් රෝගීන් උදෙසා නේවාසික ප්‍රතිකාර ලබා දීමේ පහසුකම් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.



