රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන යෝජනා කැඳවයි

Share

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ඇරඹේ.

වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා මෙහිදී භාරගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ඊට අදාළ අයදුම්පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන https://www.presidentsoffice.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කරගත හැකියි.

සියලු යෝජනාවල PDF ආකෘතියේ මෘදු පිටපතක් පමණක් saec@presidentsoffice.lk යන විද්‍යුත් තැපෑලයට යොමුකළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසනවා.

Read more

Local News