හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටි විදේශීය ජාතිකයන් සිව් දෙනෙකු දියේ ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ඔවුන් නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙනවා.
එම විදේශිකයන් අවුරුදු 33ත් 48ත් අතර වයස්වල පසුවන රුසියානු ජාතිකයන්.