චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය චීන ජනපති ප්‍රධානත්වයෙන්

Share

2026 වසර, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය සහ චීන රතු හමුදාවේ දිගු පා ගමන හෙවත් Long March හි ඓතිහාසික ජයග්‍රහණයේ 90 වන සංවත්සරය සනිටුහන් කෙරෙන වසරයි. ඒ වෙනුවෙන් චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ බෙයිජිං අගනුවර පිහිටි Tian’anmen චතුරශ්‍රයේදී පැවැත්විණ.
එහිදී ෂී ජින්පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් සහ රජයේ සෙසු නායකයින් චීන මහජන විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට එක් විය.
මේ අතර රට වෙනුවෙන් දිවි පිදූ විරුවන් අනුස්මරණය කිරීමේ දිනය ද සැප්තැම්බර් මස 30 වන දිනට යෙදී ඇති අතර එය සිහිපත් කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

Read more

Local News