ජපානයේ Izu දූපත් ආසන්නයට නිවර්තන කුණාටුවක් ළඟා වීමේ අවදානමක්

Share

Surigae නිවර්තන කුණාටුව Tokyo නගරයට දකුණින් පිහිටි Izu දූපත් ආසන්නයට ළඟා වීමට ඉඩ ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.
අද(30) පෙරවරු 6 වන විට කුණාටුව ජපානයේ දකුණු මුහුදු ප්‍රදේශයේ පැවති අතර, පැයට කිලෝමීටර් 15ක වේගයෙන් නැගෙනහිර-ඊසාන දෙසට ගමන් කරමින් තිබුණි.
විශේෂයෙන් දකුණු Izu දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ ක්‍රමයෙන් ඉහළ යා හැකි අතර, බ්‍රහස්පතින්දා වන විට රළ මීටර් 5ක් දක්වා ඉහළ යා හැකි බවට අනාවැකි පළ කර තිබේ. උතුරු Izu දූපත් සහ Chiba ප්‍රාන්තය ආශ්‍රිතව මීටර් 3ක පමණ රළ ඇති විය හැකිය.
නායයෑම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, දැඩි සුළං, අකුණු සහ ටෝනාඩෝවලට සමාන ප්‍රබල සුළං රැලි පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ.

Read more

Local News