ඇමරිකාවේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටී පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට

Share

ඇමරිකාවේ Florida ප්‍රාන්තයේ ජනාවාස ප්‍රදේශයකට පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් නව දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇමරිකානු ප්‍රවාහන ලේකම්වරයා මේ බව තහවුරු කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ Palm Beach County හි Cresthaven ප්‍රදේශය ආසන්නයේදීය. එම ස්ථානය ජනාධිපති Donald Trump ගේ Mar-a-Lago නිවාඩු නිකේතනයේ සිට සැතපුම් නවයක් පමණ දුරින් පිහිටා තිබේ.
අනතුර සිදුවූ ස්ථානයේ දර්ශනවලින් මාර්ගය මැද විශාල ආවාටයක් වැනි වළක් නිර්මාණය වී ඇති ආකාරය දැකගත හැකිය. මෙම යානය Texas ප්‍රාන්තයේ Austin නගරයෙන් ගමන් ආරම්භ කර Bahamas දූපත් වෙත යමින් සිට ඇත.

Read more

Local News