ගෝලීය කාබන් ණය වෙළෙඳපළ සඳහා නව වැඩපිළිවෙළක් එළිදැක්වීම වෙනුවෙන් චීනය, තුර්කිය සහ ඉතියෝපියාව COP31 සමුළුවේදී එක්වෙයි. තුර්කියේ Antalya නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 31 වැනි දේශගුණික විපර්යාස සමුළුවේදී මෙම වැඩපිළිවෙළ එළිදක්වා ඇත්තේ ඊයේ (11) දිනයේදීයි.
කාබන් ණය වෙළෙඳපළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා අවශ්‍ය සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීම, දේශගුණික මූල්‍ය පහසුකම් පුළුල් කිරීම සහ හරිත සංවර්ධනය වෙනුවෙන් නව අවස්ථා උදා කිරීම යනාදිය සඳහා කාබන් ණය ක්‍රමවේද වැදගත් වන බව අදාළ රටවල් එහිදී පෙන්වා දී තිබේ.
Share
Read more



