ගත වූ පැය 24 ක කාලය තුළ දුම්රියේ ගැටීම් හේතුවෙන් දරුණු අනතුරු දෙකක් සිදුව තිබෙනවා. ත්‍රිකුණාමලයේදී තුන්දෙනෙකු දුම්රියක ගැටී ඇති අතර, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අද උදෑසන මිදිගම දී විශේෂ කාර්ය බලකායේ සෙබලුන් ගමන්ගත් ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



