කොඩිඩ් ආසාදිත මවක් සිව්නිවුන් දරුවන් බිහි කරයි

Share

අද (17) දිනයේ මෙරට කොරෝනා ආසාදිත මවක් ද සොයිසා කාන්තා රෝහලේදී සිව්නිවුන් දරුවන් බිහි කර තිබේ.

 

කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් එම දරුවන් බිහිකර ඇත.

ඇයගේ පළමු දරු ප්‍රසුතිය මෙය වන අතර සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් දරුවන් උපත ලැබීමෙන් අනතුරුව මේ වනවිට නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

දරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු ගැහැනු දරුවන් ය.

රෝහල් අධ්‍යක්ෂවරිය සදහන් කළේ, මීට සතියකට පමණ ඉහතදී එම කාන්තාව රෝහල්ගතවීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඇය කොවිඩ් ආසාදිත බවට තහවුරු වුව ද සිව්නිවුන් දරුවන් ප්‍රසුතියකට ඇය සුදානමින් සිටි බැවින් ආරක්ෂිතව ප්‍රතිකාර ලබාදුන් බවය.

Read more

Local News