අගමැති කොළඹ රදගුරු හිමිපාණන් හමුවෙයි

Share

ඊයේ (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගෝ හිමිපාණන් අතර හමුවක් කොළඹ රදගුරු කාර්යාලයේදී පැවැත්විණි.

 

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් නත්තල් උත්සවය සැමරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

උත්සව සමයේ කිතුණු බැතිමතුන් හා සියලු ලංකාවාසීන් ආරක්ෂා කර ගනිමින් නත්තල් උත්සවය සැමරීම, පාසල් ආරම්භ කිරීම හා නව ව්‍යවස්ථාව පිළිබඳව කොළඹ රදගුරුහිමිපාණෝ මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කළහ.

කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශය විසින් ලබා දෙන ලද සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් උදාවන නත්තල සැමරීමට වගබලා ගන්නා මෙන් ජනතාව දැනුවත් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී කොළඹ රදගුරු හිමිපාණන්ට සිහිපත් කළේය.

මෙම අවස්ථාව සඳහා කොළඹ අනුනායක පෙරී බ්‍රොහියර් පියතුමා, කොළඹ ඩියෝ කීසියේ ලේකම් රාජන් ආසිර්වාදම් ඇතුලු පියතුමන්ලා හා අමාත්‍ය ජී.එල්.පීරිස්, නීති නිලධාරී රොහාන් එදිරිසිංහ, අරුන් ගමලත්ගේ  මහත්වරු එක්ව සිටියහ.

Read more

Local News