ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් තවදුරටත් වැසේ

Share

කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් තවදුරටත් වසා දැමීමට තීරණය කර තිබේ.

 

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23 ක් මෙලෙස වසා දමා ඇති අතර ලබන වසරේ සිට එම පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා පැවසුවේ දකුණු පළාත් කොවිඩ් කළමනාකරණ කමිටුව ලබන සතිය සඳුදා සිට බදාදා දක්වා ගාල්ල කොට්ඨාසයේ පාසල් නැවතත් වසා තැබීමට තීරණය කළා. බදාදා දින දක්වා පමණයි මේ වාර්යේ පාසල් පැවැත්වෙන්නේ. බදාදා දින සිට වර්ෂ අවසාන නිවාඩු ආරම්භ වෙනවා. ඒ අනුව ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත ආරම්භ කරන්නේ 2021 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමගයි. දැනට ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ කොවිඩ් තත්ත්වය කිසියම් ආකාරයකට පාලනය කර ඇති බව අපට සෞඛ්‍ය අංශ දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මෙම කොට්ඨාසයේ පාසල් දරුවන්ට පාසල් පෙළ පොත් ලබා දුන්නේ නෑ මේ දක්වා. ඒ සඳහා ළමුන් සහභාගි කර නොගෙන දෙමාපියන් සහභාගි කරගෙන යම් වැඩපිළිවෙලක් දියත් කරන ලෙස අදාළ පාසල්වලට දැනුම් දුන්නා.“ යනුවෙනි.

 

 

Read more

Local News