තවදුරටත් හුදකලා වන ප්‍රදේශ

Share

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල මෙතෙක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද අලුයම 5 සිට හුදකලා තත්ත්වය ඉවත් කර තිබේ.

 

මේ අතර පෑලියගොඩ පොලිස් වසමේ, ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරණකොටුවත්ත ප්‍රදේශ, කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමට අයත් ශ්‍රී ජයන්ති මාවත එලෙස හුදකලා කර තිබේ.

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම හා වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලාපාර හුදකලා තත්ත්වයෙන් ඉවත් කර ඇත.

මීට අමතරව වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමට අයත් නයිදූව ප්‍රදේශය, පෑලියගොඩ පොලිස් වසමේ ගගබඩ ග්‍රාම නිලධාරී වසම හා කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර යන ග්‍රාම නිලධාරී වසම ද අද අලුයම 5 සිට හුදකලා තත්ත්වය ඉවත් කෙරිණ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ රැසක් තවදුරටත් හුදකලා කර ඇත

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවිදීය, වේල්ලවිදීය, කෙසෙල්වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ හා මරදාන පොලිස් වසම් තවදුරටත් හුදකලා කළ ප්‍රදේශවලට අයත්ය.

මීට අමතරව කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම , බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම , වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද සෙවන නිවාස යෝජනා ක්‍රමය හා මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගියුසන් පාරේ දකුණු කොටස තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුවෙයි.

කුරුදුවත්ත පොලිස් වසමේ හැටේ වත්ත, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස සහ නසීර්වත්ත, මිරිහාන පොලිස් වසමේ දෙමලවත්ත යන ප්‍රදේශ ද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ අතරට අයත් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් දූවේවත්ත ප්‍රදේශය, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත හා මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම් මෙන්ම පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමට අයත් රෝහණ විහාර මාවත ද තවදුරටත් හුදකලා කළ ප්‍රදේශ අතර වේ.

මීට අමතරව කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර , ග්‍රාම නිලධාරී වසමට අයත් වැදිකන්ද ප්‍රදේශය මීගමුව පොලිස් වසමේ තල්දුව ග්‍රාම නිලධාරී වසමට අයත් එම් සී නිවාස යෝජනා ක්‍රමය නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වලට අයත් වාරණ පන්සල පාර , කත්තොට පාර සහ හිද්‍රා මාවත ද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ වේයන්ගොඩ පොලිස් වසමේ හිරිපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසමට අයත් නිදහස් මාවත සහ පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම ද තවදුරටත් හුදකලා කර ඇති බවයි.

Read more

Local News