යුක්රේනයෙන් මෙරටට කොත්තමල්ලි ලෙස ආ කෘෂි ශාක අපද්‍රව්‍ය (ඡායාරූප)

Share

යුක්රේනයේ සිට ආනයනකරුවන් 8 ට ආනයනය කරන ලද කොත්තමල්ලි ලෙස බහාලුම් 28 ක් ශ්‍රි ලංකා රේගුව විසින් සිය භාරයට ගෙන තිබෙන අතර, මූලික පරීක්ෂණ වලින් තහවුරු වූයේ මෙසේ කොත්තමල්ලි ලෙස සදහන් කර තිබුනද අන්තර්ගත වි තිබුයේ “කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය ” බවයි.

 

මෙම සියළුම බහාලුම් ආනයනය කර ඇත්තේ යුක්රේනයේ පිහිටි ” Agronika Trade LLC” ආයතනය විසිනි.

මෙම බහාලුම් වලින් බහාලුම් 8ක් ලංකාවට පසුගිය (10) වැනි දින රැගෙනවිත් තිබෙන අතර ඉතිරි බහාලුම් 20 රැගෙන විත් ඇත්තේ පසුගිය 21 වැනිදාය.

නෞභාර ලේඛනය (Manifest) සහ අනෙකුත් නැව්ගත කිරීමේ ලේඛන වල මෙම අපද්‍රව්‍ය කොත්මල්ලි ලෙස පවසා ඇති අතර, යුක්රේනයේ පිහිටි කෘෂිකාර්මික නිෂ්පාදන වල තත්වය තහවුරු කරනු ලබන State Service of Ukraine on Food Safety and Consumer Protection ආයතනය විසින් සුවස්ථතා සහතිකය (Phytosanitary Certificate) සහතිකයක් ද මේ සඳහා ලබාදී ඇත.

මෙසේ ආනයන කරන ලද බහාලුම් වලින් 4ක් පරීක්ෂා කිරීමට එක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන් පැවසුවේ මෙම අපද්‍රව්‍ය නිෂ්පාදිත රටට වෙනම ප්රති අපනයනය කල යුතු බවයි.

මේ වන විට බහාලුම් 24 ක් කොළඹ වරාය තුල ඇති අතර ඉතිරි බහාලුම් 4 ක් ශ්රී ලංකා රේගුවේ බහාලුම් පරික්ෂා කිරීමේ අංගනයේ තැන්පත් කර ඇත. මෙරට රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී. රවිප්රිය අතිරේක රේගු අධ්‍යක්ෂ ආනන්ද ඊෂ්වරන් සහ සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්යක්ෂ එස්.පී.අයි. බාලසූරිය යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය විසින් මේ සඳහා පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

No description available.

No description available.

No description available.

Read more

Local News