තවත් ප්‍රදේශයකට සංචරණ සීමා

Share

පාදුක්ක, ගලගෙදර, නැගෙනහිර ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගියෙකු මියයාමත් සමග එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබේ.

 

74 හැවිරිදි මෙම පුද්ගලයා පසුගියදා නිවසේදීම මියගොස් ඇති අතර PCR පරීක්ෂණ වෙනුවෙන් යවා ඇත්තේ අවිස්සාවේල්ල මූලික රෝහලටයි.

එහිදී සිදු කළ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.

මේ අතර හැටන්, දික්ඔය නගර සභාවේ ලේකම්වරයා, නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

ඊට හේතුව නගර සභාවේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරයෙකු සමග ඔවුන් ඉකුත් 19 වැනිදා උපන් දින සාදයකට සහභාගි වීමයි.

සාදයට සහභාගී වූ එම නගර සභාවේ සභාපතිවරයා ද මීට පෙර ස්වයං නිරෝධානයට යොමු කර තිබුණි.

Read more

Local News