සිරිපා වන්දනාකරුවන්ට දැනුම් දීමක්

Share

හෙට උඳුවප් පෝ දිනයෙන් ඇරඹෙන සිරි පා වන්දනා වාරය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩසලසා ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසයි.

 

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් අදින් (28) ඇරඹෙන චාරිත්‍රානුකූල පෙරහැර සහ ඉදිරි තේවා කටයුතුද සීමිත පිරිසකට පමණක් සීමා කර තිබේ.

බුදුන් වහන්සේ සිය තුන්වන ශ්‍රී ලංකා ගමනයේදී සමනොල ගිරි මුදුනෙහි තම වම් සිරි පා සලකුණ තැබූ බව ඉතිහාසයේ සඳහන් වේ.

සෑම වසරකම උඳුවප් පෝ දිනයෙන් (29)  සිරි පා වන්දනා සමය ඇරඹෙන අතර එය ඊළඟ වසරේ වෙසක් පෝ දිනය දක්වා පැවැත්වේ.

මෙවරත් සිරි පා වන්දනා සමය ලබන අඟහරුවාදා යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර දේවාභරණ රැගත් පෙරහැර චාරිත්‍රානුකූලව හෙට අලුයම ගමන් ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ සිරි පා වන්දනාව සඳහා සෞඛ්‍ය පහසුකම් සලසා ඇතත් පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජනවාරි මාසයේ සිරි පා වන්දනාවේ පැමිණීමෙන් වැළකීම වඩාත් යෝග්‍ය බවය.

Read more

Local News