කොවිඩ් ආසාදිත දේහ ආදාහනය ගැන එජාපයේ අදහස

Share

කොරෝනා දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලම්න් පසුගිය දින කිහිපය තුළම ඇතැම් ප්‍රදේශයන්හි මුස්ලිම් ජනතාව උද්ඝෝෂණයේ නිරත විය.

 

මේ අතර මෙවැනි සිද්ධින්වලදි විද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගනිමින් තීන්දු තීරණ ගතයුතු බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති පුජ්‍ය අචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි පවසති.

කොවිඩ් ආසාදිත මරණ භුමදානය නොකළයුතු බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂූන් වහන්සේ පිරිසක් විරෝධතාවක් ද ආරම්භ කර තිබේ.

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව සිය ස්ථාවරය පැහැදිළි කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි වැඩ්දුරටත් සදහන් වන්නේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු සම්බන්ධ තීරණය ආණ්ඩුව කඩිනමින් ගතයුතු බවත් සියලු ජනකොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසු පොදු එකඟතාවයකට පැමිණ එය ගතයුතු බවයි.

මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකමක් බවත් විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළයුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

Read more

Local News