ඊයේ දිනයෙත් වැඩිම කොවිඩ් රෝගීන් කොළඹින්

Share

ඊයේ දිනය තුල හදුනාගත් කොරෝනා ආසාදිතයින් 843 දෙනා අතරින් ආසාදිතයින් 480ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි තිබේ.

 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය යලිත් වරක් අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර කොළඹ 1-15 සියලු ප්‍රදේශවලින්  ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් අවදානම තවත් ඉහලට යෑමට හේතුවක් වී ඇත.

එම දිස්ත්‍රික්කයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41කින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති අතර ඒ අතරින් කොම්පඤ්ඤවීදිය, නාරාහේන්පිට, වැල්ලවත්ත, කුරුඳුවත්ත, මරදාන, ගොතටුව, ගල්කිස්ස සහ වැල්ලම්පිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආසාදිතයින් 20 ඉක්මවූ සංඛ්‍යාව බැගින් හඳුනාගෙන තිබේ.

Read more

Local News