කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කළ සජබ මන්ත්‍රීවරු

Share

සමගි ජන බලවේගයේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙයි.

 

හරින් ප්‍රනාන්දු, මුජුබර් රහුමාන්, හේෂා විතාන, මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙලෙස එන්නත එලෙස ප්‍රතික්ෂේප කළ පිරිස අතර සිටි.

එන්නත  ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළකරමින් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරය  ප්‍රකාශ කර සිටියේ , තමා මන්ත්‍රී වරප්‍රසාදක් ලෙස කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බවයි.

තමන්ට වඩා පාසල් දරුවන්, ගුරුවරුන්, සනීපාරක්ෂක සේවකයින් වැනි සාමාජය සමග නිරන්තරව ගැටෙන විවිධ තලවල පිරිස්වලට මෙම එන්නතේ අවශ්‍යතාව ඇති බව අවධාරණය කළ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, තමාට ලැබෙන එන්නත එවැනි පිරිසෙන් අයෙකුට හෝ ලැබී එම පුද්ගලයා සුවපත් කළ හැකි නම්, එය තමාගේ ප්‍රාර්ථනය බවයි.

Read more

Local News