කොවිඩ් මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ සකස් කරලද ?

Share

මෙරට කොරෝනා මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

නමුත් කොරෝනා මරණ භූමදානයට අවස්ථාව හිම්වනුයේ අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ් මහතා වැඩිදුරටත් පවසන්නේ , කොරෝනා මරණ භූමදානයට අවශ්‍ය ස්ථාන සොයා ගතයුතු බවත් , එම ස්ථානවල ඇති ජල ධාරිතාව ද සොයා බැලිය යුතු බවයි.

අනතුරුව එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ සඳහා අවස්ථාව සැලසන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේ ය.

සිරුරු භූමදානය කර ගැනීමට අත්‍යවශ්‍යම කෙනෙක් වේ නම් , එතෙක් එම සිරුරු අධි ශීතකරණයේ තැන්පත් කර තැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පවසයි.

Read more

Local News