ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද

Share

මෙරට පිළිබද රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනා රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එම යෝජනා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

අද දිනයේ රටවල් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.

එම ඡන්ද විමසීමෙන් අනතුරුව ඊට පිළිතුරු ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර ඉදිරිපත් කරනු ඇත.

Read more

Local News