ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Share

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 354ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වී‌මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 12 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වන අතර ඉතිරි ආසාදිතයින් 342 දෙනා හඳුනාගෙන ඇත්තේ, දේශීයවයි.

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 197කි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී ඇත.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ගෙවුණු දිනයේ ආසාදිතයින් 354 හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90200ක් දක්වා ඉහළ ගිය අතර ආසාදිතයින් 293 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 86759ක් දක්වා ඉහළ ගියේ ය.

ආසාදිතයින් 2,895 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 546කි.

පසුගිය පැය 24 තුළ එක් කොරෝනා මරණයක් වාර්තා වී ඇති අතර ඔහු මැදිරිගිරිය ප්‍රදේශ‌යේ පදිංචි පුද්ගලයෙකි.

නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 9, 358 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 6,832කි.

මේ අතර පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 8,938 දෙනෙකු කොඩිව් එන්නත ලබා ගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 82,4523 කි.

Read more

Local News