ප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 6ක් තහනම් කෙරේ

Share

හෙට (31) දිනට පසුව ප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 6ක් තහනම් කිරීමට නියමිතය

ඒ අනුව, එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, PET බෝතල්, මයික්‍රෝන 20ට අඩු ලන්ච් ෂීට්, සැෂේ පැකට් (ආහාර හා ඖෂධ නොවන), ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ් සහ සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද තහනම් කෙරේ

නමුත් දැනට නිපදවා අවසන් කර ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා එම සහන කාලය ලබා දුන් බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

තව ද අදාළ නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළ අතර කෙසේ වුව ද හෙට සිට මෙරට භාවිතය සඳහා අදාළ ප්ලාස්ටික් නිෂ්පාදන නිපදවීම තහනම් කෙරෙන අතර වෙළෙඳ සල්වල දැනට තිබෙන නිෂ්පාදන ඒවා අවසන් වන තෙක් අලෙවි කිරීමට අවස්ථාව ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම ප්ලාස්ටික් තහනමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය ජනවාරි 21 වන දා නිකුත් කරනු ලැබිය.

Read more

Local News