ඊයේ (01) දිනයේ සිදුවූ රිය අනතුරු 10කින් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම අනතුරුවලින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ පදිකයින් බවත් එලෙස මියගොස් ඇති පදිකයින් ගණන 5ක් වන අතර මීට අමතරව ත්‍රීරෝද රථවල ගමන් ගත් 04ක්, යතුරපැදිකරුවන් 02ක් සහ ලොරි රථයක් ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.