ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

Share

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හා උත්සව සමයේ ජල පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බැවින් ඉතා අරපිරිමැස්මෙන් යුතුව අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් ජලය භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ජල මුලාශ්‍රවල ජල ධාරිතාවය පහළ බසිමින් පවතින බැවින් පැය 24 පුරා එකම ධාරිතාවකින් ජලය සැපයීමට අපහසුතා ඇතිවිය හැකි බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා දැනුම් දී ඇත.

Read more

Local News