ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Share

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

ඒ අනුව වරාය අධිකාරිය, පෙට්‍රෝලියම් නිෂ්පාදන ඇතුළු සියළුම ඉන්දන සැපයුම හා බෙදාහැරීම, වරාය හා නාවික කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ගමනාගමන මණ්ඩලය සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ග්‍රාම නිලධාරීන් , සමෘද්ධි සංවර්ධන නිලධාරින් , කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන් ඇතුළු සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ක්ෂේත්‍ර රාජකාරි මට්ටමේ නිලධාරින් ද ආවරණය කරන රාජකාරි එම අත්‍යවශ්‍ය සේවාවන්ට ඇතුළත්.

මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා කටයුතු ද පළාත් පාලන ආයතන මගින් සිදු කරන කසළ කළමනාකරණ සේවා කටයුතු ද එම ගැසට් නිවේදනයේ ඇතුලත්.

Read more

Local News