වාතය මගින් ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදයක් හදුනා ගැනේ

Share

වියට්නාමය තුළ කොවිඩ් ව්‍යාප්තිය සීග්‍ර වී ඇත. එබැවින් එරට විශාලතම සහ වැඩිම ජනගහණයක් සහිත නගරය ලෙස සැලකෙන “හෝ චී මින්” නගරයේ සම්පූර්ණ ජනගහණය ම කොවිඩ් -19 සඳහා පරීක්ෂා කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

ආගමික කණ්ඩායමක් ඔස්සේ හටගත් කොවිඩ් පොකුරක් සීග්‍රයෙන් පැතිරයාමෙන් අනතුරුව එරට බලධාරීන් එම පියවරයන් ගෙන ඇත.

මෙම පොකුරේ ආසාදිතයින්ගෙන් හඳුනාගත් කොවිඩ් වෛරස් ප්‍රභේදය ඉන්දීය සහ එක්සත් රාජධානියෙන් හමුවූ වෛරස් ප්‍රභේද හා සමානකම් දැක්වුවද එය වාතය ඔස්සේද පහසුවෙන් ව්‍යාප්ත වන බවට හඳුනාගෙන ඇත.

Read more

Local News