ආසියා ශාන්තිකර රටවල 4 වන සැසියේ සභාපති ධූරය වෛද්‍ය අනිල් ජාසිංහට

Share

එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 4 වන සැසිවාරයේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හිමිව තිබෙනවා.

ඒ, අනුව ඒ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහනේ 05 වන මහ සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරීමට නියමිතය.

ආසියා පැසිපික් කලාපයේ රටවල් 47 ක පරිසර අමාත්‍යවරුන් හා බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලබයි.

Read more

Local News