සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද වැඩ වර්ජනයක

Share

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ පෙරවරු 07.00 සිට දහල් 12.30 දක්වා පැය 05ක කාලයක්. මේ පිලිබදව අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ,

“සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 44ක් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විදියට ඒකාබද්ධ වෙලා අද උදේ 7ට දිවයින පුරා ම විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනවා. එය දවල් 12 දක්වා අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. දහවල් 12 සිට 12.30 දක්වා රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මුලිකව ම මේ විරෝධතාවයට හේතු වෙන්නේ, කොවිඩ් සහනදීමනා කප්පාදුව හා අතිකාල අමතර සේවා දීමනා කප්පාදු කිරීමයි. ඒ වගේම මෙවැනි වසංගතවලට ඔරොත්තු දීමට සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් කරන්න කියන ඉල්ලීම ආණ්ඩුව ක්‍රියාත්මක නොකිරීමයි. ඒ වගේම අද වෙනකොට සෞඛ්‍ය සේවකියින් 14දෙනෙක් ජීවිත පුජා කරලා තියෙනවා. ඒ අය වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් නොගෙවීම කියන මුලික කාරණාවලට අද වෙන විටත් උත්තරයක් දීලා නැහැ ඒක නිසා අපි අද තුන්වෙනි ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා. මේක ඇතුළෙත් උත්තරයක් නැත්නම් මීට වඩා බරපතළ ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි.” යන්නයි.

Read more

Local News