අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ලබන 21 වනදා සිට

Share

අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම මේ මස 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව අදාල වයස් ඛාණ්ඩ වල පසුවන සිසු දරු දැරියන්ට ඔවුන්ගේ පාසල් වල සංවිධානය කෙරෙන එන්නත් කඳවුරු හරහා මෙම එන්නත ලබාදීමට කටයුතු කරනු ලබන බවයි පැවසෙන්නේ.

දැනට පාසැල් හැර ගොස් සිටින මෙම වයස් කාණ්ඩයේ පසුවන සිසු සිසුවියන්ට ඔවුන්ගේ පදිංචියට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින්ද අදාළ එන්නත ලබාගත හැකි වනවා.

Read more

Local News