ශ්‍රී ලංකාව ක්ෂය රෝගය පාලනය කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
2030 වසර වන විට මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීමට කැපවී සිටින බව ක්ෂය රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා පෙන්වා දී ඇත.



