අසුබවාදයෙන් සුබවාදය කරා ගමන් කරන වැඩපිළිවෙලේ සාර්ථක ප්‍රායෝගික කොටස්කරුවන් බවට පත්විය යුත්තේ තාරුණ්‍යය බවත් හැමදාම සිදුවූයේ බොහෝ දෙනාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් තරුණයින් පාවිච්චි කිරීම බවත්, ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි තරුණ බලවේගයේ තෙදිනක පුහුණු වැඩසටහනක් (28) ගාල්ලේ දී පැවැත්වේ. රට ගොඩනගන මෙහෙයුම වෙනුවෙන් සමගි තරුණ බලවේගයේ දායකත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව ද එහිදී සාකච්ඡාවට ගැනේ. එම වැඩමුළු අවස්ථාවට අද (28) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි විය.
රට ගොඩනගන බවට තමන්ට අලුත් සැලසුම් ඇතැයි කියන බොහෝ දෙනා අලුත් නොවන බව මතක තබා ගත යුතු යැයි කී විපක්ෂ නායකතුමා, සමගි ජන බලවේගය සම්ප්‍රදායික විපක්ෂයක කාර්යභාරයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ඇතැයිද පැවසීය.



