නීති විරෝධී මත්පැන් සහ මත්පැන් නිෂ්පාදනය කිරීමේ උපකරණ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර උතුර පලාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වේටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එච්.පි.එම්.එස්.කේ. විරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.02.28 වන දින පැය 1300 ට පමුණුගම පොලිස් වසමේ අංක 602/එෆ්, නුගපේ, පමුණුගම යන ලිපිනයේ නීති විරෝධී මත්පැන් සහ මත්පැන් නිෂ්පාදනය කිරීමේ උපකරණ සන්තකයේ තබාගෙන සිටි පුබුදුගම, උස්වැටකෙයියාව ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 35, 37, 30, 44, පසුවන පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පමුණුගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) නීති විරෝධී මත්පැන් ලීටර් 67.5 යි.
2) ගෝඩා ලීටර් 6,660 යි.
3) යකඩ බැරල් 37 යි.
4) හිස් බුලි 40 යි.
5) තඹ දඟර 11 යි.

Read more

Local News