ලෝක වනජීවී දිනය අදයි

Share

ලෝක වනජීවී දිනය (World Wildlife Day) මාර්තු 03 දින එනම් අද දිනට යෙදී තිබේ.

ලෝකයේ වන සතුන් සහ ශාක පිළිබඳ සැමරීම සහ දැනුවත් කිරීම සඳහා මෙම දිනය වෙන් කර ඇති අතර, පසුගිය දශකය තුළ ලෝකයේ වනජීවී සංඛ්‍යාව සහ තිරසාර බව සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන පරිදි “ලෝක වනජීවී දිනය වාර්ෂික සැමරුමක් වුවද, වනජීවී සංරක්ෂණය යනු සෑම දිනකම අවධානය සහ ක්‍රියාකාරිත්වය අවශ්‍ය වන ගැටලුවකි.

60,000+ Best Animals Photos · 100% Free Download · Pexels Stock Photos

සීපාවගෙන් ද ඇළ දොළ ගංගාවන්ගෙන් ද පිරිසිදු වාතාශ‍්‍රයෙන්ද සාරවත් පොළවකින්ද තොරව මිනිසාගේ පැවැත්ම ගැන සිතිය නොහැකිය. අපට ජීවත් වීමට ඇවැසි හුස්ම පොද ලබා දෙන්නේද ජලය සහ ආහාර ලබා දෙන්නේද ඉඳුම් හිටුම් සහ බෙහෙත් හේත් ලබා දෙන්නේ ද ස්වාභාවික පරිසරයයි.

talkingeconomics - Connecting People to Nature: A Need of the Hour for Sri  Lanka

ලෝකයේ තර්ජනයට ලක්වූ ජීවි විශේෂයන්ගේ අන්තර් ජාතික වෙළඳාම් පිළිබඳ සම්මුතිය වන CITES සම්මුතියට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් 2013 මාර්තු 03 දින බැංකොක් නුවරදී පැවති පාර්ශ්වකරුවන්ගේ 16 වන සම්මේලනයේදී මාර්තු 03 “ලෝක වනජීවී” දිනය ලෙස නම් කිරීමට යෝජනා විය. ඒ අනුව එම වසරේ දෙසැම්බර් මාසයේදී ජිනිවාහි දී පැවැති එක්සත් ජාතීන්ගේ 68 වන මහා සභාවේ දී වනජීවීන් පිළිබඳව ලෝක අවධානය යොමුකිරීම සඳහා මාර්තු 03 ලෝක වනජීවී දිනය ලෙස නිත්‍ය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික දින දර්ශනයේ 2014 වර්ෂයේ සිට මාර්තු 03 වනජීවි දිනය ලෙස සටහන්ව ඇති අතර එදින වනජීවීන් පිළිබඳව ලෝක අවධානය යොමුකරවන සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂිතම දිනය බවට පත්ව ඇත.

Top 10 Conservationists for Your World Wildlife Day 2022 Event

මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, ආර්ථිකමය, විද්‍යාත්මක, අධ්‍යාපනිකමය, සංස්කෘතිකමය සහ සෞන්දර්යාත්මක වටිනාකම් අගැයීමට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේ දී මාර්තු 03 ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.

ශ‍්‍රී ලංකාව ශාක සහ සත්ව විවිධත්වය අතින් කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ඉතා ඉහළ ස්ථානයක සිටියි. ශ‍්‍රී ලංකාව ආසියානු කලාපයේ පිහිටි ජීවී විශේෂ ඝනත්වය (ව.කි.මී.10,000 ජිවත් වන ජීවී විශේෂ සංඛ්‍යාව) වැඩිම රටක් ලෙස පිළිගනු ලැබේ.

මෙරට සුපුෂ්පික ශාක, උභය ජීවීන්, උරගයින් මෙන්ම ක්ෂිරපායී සත්ව විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. එසේම මෙහි පවත්නා උස් ශාක සහ පෘෂ්ඨ වාංශිකයින් පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කරන්නේ නම් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී. සමනලුන්, බත්කූරන්, ගොළුබෙල්ලන් සහ ඇල්ගි විශේෂද රාශියක් මෙහි පවත්නා අතර කෘමි විශේෂ පිළිබඳව ද වැඩි අවධානයක් යොමු විය යුතුව තිබේ.

water, nature, swamp, bird, lake, animal, river, pond, wildlife, wild, zoo, jungle, scenic, natural, park, scenery, black, fauna, birds, feathers, wetland, springs, cormorant, anhinga, cormorants

උඩුවියන් ආශ‍්‍රිතව ජීවත් වන සත්ව විශේෂ රාශියකට ද ශ‍්‍රී ලංකාව වාසස්ථාන සපයයි. මෙරට සිදු වන ශීඝ‍්‍ර වන හානිය හේතුවෙන් ඇතැම් ජීවී විශේෂයන් හඳුනාගැනීමටත් පෙර මෙරටින් විනාශ වී ගොස් ඇත.

Read more

Local News