දෙසැම්බර් වෙනකල් බන්දුලගෙන් අඩු මිලට සහල්

Share

අත්‍යවශය භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහළ යමින් තිබෙනවා.

විශේෂයෙන් ලබන මාසය තුළ සහල් කිලෝවක මිල රුපියල් 200 – 300 අතර මිලකට යාහැකි බවටයි පුරෝකතන පළවුණේ.

ඊට මුහුණදීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සූදානම් වනවා.

මේ වසරේ දෙසැම්බර් දක්වා සම්බා කිලෝවක් රුපියල් 128ටත් නාඩු සහ කැකුළු කිලෝවක් රුපියල් 105ටත් ලබා දෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

මේ අතර රට පුරා කුළුබඩු වෙළඳසැල් විවෘත කිරීමට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පියවර ගනිමින් ඉන්නවා.

Read more

Local News