නව පාසල් වාරය අදින් ආරම්භ වේ

Share

2022 වසරේ මීළඟ පාසල් වාරය අද (07) ආරම්භ වේ.

නව පාසල් වාරය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

සිසුන් 20ක් දක්වා සිටින පන්තිවල සියලු සිසුන් සෑම දිනකම පාසල් වෙත කැඳවිය යුතු බවත් සිසුන් 20 සිට 40 දක්වා අධ්‍යාපනය ලබන පංතිවල සිසුන් කාණ්ඩ දෙකකට වෙන්කර සතියක් හැර සතියක් අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බව අදාළ චක්‍රලේඛනයේ දැක්වේ.

පන්තියක ඉගැනුම ලබන සිසුන් සංඛ්‍යාව 40 ට වැඩි නම්, කොටස් 03කට වෙන්කර අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බව සඳහන් වේ.

Read more

Local News