ගෑස් නැති නිසා ආපනශාලාත් වැසෙයි

Share

ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා රැසක් තාවකාලිකව වසා දමා ඇත.

එහි හිමිකරුවන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් බොහෝ දෙනෙකුට රැකියාවද අහිමිවී ගොස් ඇති බවයි.

පාරිභෝගිකයින් සඳහන් කරන්නේ ඇතැම් ප්‍රදේශවලට දින කිහිපයකින් ගෑස් ලැබී නොමැති බවයි.

එසේම ගෑස් හිඟය හේතුවෙන් මහල් නිවාසවල ජීවත් වන ජනතාව ද දැඩි පීඩාවට පත්ව තිබේ.

මේ වන විට ගෑස් රැගෙන නෞකා තුනක් පැමිණ ඇති අතර රටතුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඒවාට ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වී ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News